2026 වසරේ මුල් මාස දෙක තුළ විදේශ රැකියා නියුක්තිකයන් මෙරටට එවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 32%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කරයි. මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් සපයමින් 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ඇමරිකානු ඩොලර් මිලියන 1,480.1 ක (බිලියන 1.4) මුදලක් ලැබී ඇති අතර එය 2025 වසරේ එම කාලය තුළ ලැබුණු ඩොලර් මිලියන 1,121 ට වඩා කැපී පෙනෙන වැඩිවීමකි. විශේෂයෙන්ම 2026 පෙබරවාරි මාසය තුළ පමණක් ඩොලර් මිලියන 729ක් ලැබී ඇති අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ලැබුණු ඩොලර් මිලියන 548.1 ක අගයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. මේ වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 47,819 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර මාර්තු 1 සිට 9 දක්වා කාලය තුළ තවත් 3,241 දෙනෙකු කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














