ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2025 වසරේ නොවැම්බර් මාසයේ සිට අඛණ්ඩව පැවති මාසික විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට ගොස් තිබෙනවා. ඒ අනුව 2026 වසරේ පෙබරවාරි මාසයේදීද විදේශීය ජංගම ගිණුමේ කැපී පෙනෙන අතිරික්තයක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
මහ බැංකු වාර්තාවලට අනුව 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙකක කාලපරිච්ඡේදය තුළදී වාර්තා වී ඇති සමුච්චිත අතිරික්තය ඇමරිකානු ඩොලර් මිලියන 487කි.
කෙසේ වෙතත් 2026 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළදී වෙළඳ හිඟය පෙර වසරේ (2025) අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.1ට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් දක්වා පුළුල් වී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














