සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ (George Yeo) මහතා, එහි පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට භාජනය වී සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (08) පැමිණ තිබේ. මෙම හමුව පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඡායාරූපයක් පළ කරමින් යෝ මහතා සඳහන් කර ඇත්තේ, ශල්‍යකර්මයෙන් පසු සුවය ලබන හිටපු ජනාධිපතිවරයා හමු වී සුහද කතාබහක නිරත වූ බවයි.
පසුගියදා සිංගප්පූරුවේදී සිදුකළ ශල්‍යකර්මයකින් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සාර්ථකව සුවය ලබමින් සිටින අතර, ඔහු තවදුරටත් එහි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජෝර්ජ් යෝ මහතා සහ වික්‍රමසිංහ මහතා අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ කලාපීය දේශපාලන සබඳතා මෙම සුහද හමුවට පදනම් වී ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා සුවය ලැබීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ යළි මෙරටට පැමිණීමට නියමිත බව ඔහුගේ සමීප ආරංචි මාර්ග පවසයි.














