ශ්‍රී ලංකා රේගුව සතු දත්ත පද්ධති වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා Oracle Exadata XIIM පද්ධතිය සහ ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසුකරුවන් අතරින් තාක්ෂණිකව සුදුසුකම් ලැබූ Millennium I.T.E.S.P. (Private) Limited ආයතනය වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කර ඇත. වසර 8ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 2,197.96ක් (බදු රහිත) වන අතර, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.














