රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉන්ධන පරිභෝජනය උපරිමයෙන් කළමනාකරණය කර ගැනීමට සහාය වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. රජයක් ලෙස මේ මොහොතේ සමස්ත ජනතාවගෙන්ම මෙම සහයෝගය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
තම නිවසේ ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින පමණින් ඒවා අසීමිත ලෙස පරිභෝජනය නොකර, යම් පාලනයක් සහිතව භාවිත කිරීමට කටයුතු කරන ලෙසත්, තමන්ගේ පවුල ගැන පමණක් නොව සමස්ත රට ගැනම සිතා වගකීම් සහගතව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














