රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිෂ්පාදන කටයුතු සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය වාහන සඳහා ද අදාළ ආයතන සමඟ ඒකාබද්ධව විශේෂ යාන්ත්‍රණයක් හරහා ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, මොරටුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලා සිටියේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන පරිභෝජනය උපරිමයෙන් කළමනාකරණය කරන ලෙසයි. අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී, තමන්ගේ පවුල ගැන මෙන්ම රට ගැන ද සිතා වගකීම් සහගත ලෙස ඉන්ධන භාවිත කරන ලෙස ඔහු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.














