ඉහළටලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද මාසික මිල සංශෝධනයට අනුව මාර්තු මාසය සඳහා අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281ක් ලෙස සටහන් වේ. එමෙන්ම රුපියල් 323ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 329ක් වන අතර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 1කින් ඉහළ දමා එහි නව මිල රුපියල් 293ක් ලෙස නියම කර ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340ක සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 182ක පැවති මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරයි.














