මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ ගෝලීය තෙල් සැපයුම අවදානමට ලක්ව ඇති පසුබිමක, රුසියාව මෙතෙක් කල් ඉන්දියාවට ලබා දුන් තෙල් වට්ටම් කපා හැරීමට පියවර ගෙන තිබේ.
යුක්‍රේන යුද්ධය හේතුවෙන් පැනවුණු සම්බාධක හමුවේ ලෝක වෙළෙඳපොළේ මිලට වඩා අඩු මිලකට (වට්ටම් සහිතව) ඉන්දියාවට තෙල් ලබා දීමට රුසියාව කටයුතු කළේය. එහෙත් වත්මන් ගෝලීය තෙල් ඉල්ලුම ඉහළ යාමත් සමඟ එම සහනදායී මිල ගණන් තවදුරටත් ලබා දීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇත. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා චීනය ද දැඩි තරඟයක නිරත වීමයි.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය සලකා බලා දින 30ක කාලයක් සඳහා රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව ඉන්දියාවට විශේෂ අවසරයක් ලබා දී තිබුණි. මෙම මිල ඉහළ යාම හමුවේ ඉන්දියාවේ අභ්‍යන්තර තෙල් මිල ගණන් සහ ආර්ථිකයට එල්ල වන බලපෑම පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.














