ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) විසින් 2026 මාර්තු 09 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක මෙම මිල වැඩිවීම ප්‍රකාශයට පත් කර ඇත.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317 කි. ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365 කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 303 කි. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353 කි. එමෙන්ම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195 ක් ලෙස දැක්වේ.
මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිටම දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ පිරවුම්හල්වල ක්‍රියාත්මක වනු ඇත.














