ඌව කුඩාඔය, සමගිපුර ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස ඉන්ධන තොගයක් සඟවාගෙන සිටි 33 හැවිරිදි කාන්තාවක් කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකිව ඇත.
අදාළ නිවසේ කාමරයක් තුළ තිබූ කාඩ්බෝඩ් පෙට්ටිවල අතුරා සඟවා තිබියදී පෙට්‍රල් ලීටර් 95ක් සහ ඩීසල් ලීටර් 78ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම ඉන්ධන තොගය වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් රැස්කර තබාගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
අත්අඩංගුවට පත් සැකකාරිය අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කුඩාඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














