මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය නොතකා, ශ්‍රී ලංකාව තුළ ලබන දින 37ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව අවධාරණය කරන එම සංගමය, අද (01) සහ හෙට (02) පොහෝ දින ද ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුවන බව දැනුම් දෙයි.
සාමාන්‍යයෙන් ඉරිදා සහ පොහෝ දිනවල ඉන්ධන බෙදාහැරීම සීමා වුවද, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්දීය තෙල් සමාගම (IOC) සහ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඒකාබද්ධව මෙම විශේෂ බෙදාහැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.















