වර්තමානයේ පවතින ඉන්ධන පෝලිම් සැපයුම් දාමයේ ඇති වූ තාවකාලික ගැටලුවක් මිස රට තුළ පවතින අර්බුදයක් නොවන බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වශයෙන් පැනනැගී ඇති බලපෑම් පිළිබඳව රජය අවධානයෙන් පසුවන බවත්, එම තත්ත්වයන් කළමනාකරණය කරමින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම ආණ්ඩුව අකුරටම ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එබැවින් අනියත බියක් ඇති කර නොගෙන මෙම තත්ත්වයට සාමූහිකව මුහුණ දෙන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.













