ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය තවදුරටත් දරුණු වුවහොත් මෙරටට ගෑස් මිලදී ගැනීමේ දැඩි ගැටලුවක් මතුවිය හැකි බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් අනතුරු අඟවයි. ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය හමුවේ ගෑස් මිල ඉහළ යාමේ අවදානමක් ද පවතින බව එම සමාගම් ප්‍රකාශකයෝ පවසති.
පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා විකල්ප ක්‍රමවේද ඔස්සේ ගෑස් ඇණවුම් කිරීමට අවධානය යොමු කර ඇති අතර, ලාෆ් සමාගම සඳහන් කරන්නේ තමන් ඇණවුම් කළ ගෑස් තොග මේ වන විටත් මෙරටට පැමිණ බෙදාහැරීම් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විටත් ගෑස් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.














