විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ජර්මනියේ සංචාරයක නිරත වෙමින් බ්‍රෙමන් නගරාධිපති ආචාර්ය ඇන්ඩ්‍රියාස් බොවෙන්ෂුල්ට් මහතා හමුවී තිබේ. යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් බ්‍රෙමන් නගර ශාලාවේදී පැවති මෙම හමුවේදී, මෝටර් රථ, වෙළඳාම සහ සැපයුම් ඇතුළු කර්මාන්තවල මධ්‍යස්ථානයක් වන බ්‍රෙමන් නගරය හරහා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
ජර්මනිය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතාවය ඉහළ යාමත් සමඟ දෙරට අතර සංචාරක කර්මාන්තයේ සහයෝගීතාව වැඩි කිරීමේ අවස්ථාවන් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.














