මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ ද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරන පරිදි අද (11) දිනයේ මෙරට රන් මිල වාර්තාගත මට්ටමක පවතී.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 415,000ක් ලෙස සටහන් වූ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 383,800ක් දක්වා ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර දේශපාලනික අස්ථාවරත්වය හමුවේ ආයෝජකයින් ආරක්ෂිත පියවරක් ලෙස රන් සඳහා යොමු වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.














