ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මීට පෙර (2025-10-21 දින) ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය අංශය නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති රාමුවට සහ සවිබල ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන දැක්මට අනුකූලව රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් ද ඇතුළත් සුවිශේෂී ඩිජිටල් සන්නිවේදන හා සහයෝගිතා වේදිකාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත. සියලුම රජයේ සේවකයින් සඳහා සන්නිවේදනය සහ සහයෝගිතාවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ආරක්ෂිත මෙන්ම නවීන ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. රුපියල් මිලියන 626ක ඇස්තමේන්තුගත මුළු ආයෝජනයක් යටතේ 2026 වර්ෂය තුළ මෙම ‘ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් සිය පූර්ණ අනුමැතිය ලබා දී ඇත.














