මැදපෙරදිග කලාපය තුළ සීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටියි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ මෙම තත්ත්වය කලාපීය ස්ථාවරත්වයට පමණක් නොව, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් වී ඇති බවයි. මෙම අර්බුදය සමනය කිරීම සඳහා සියලුම පාර්ශවයන් උපරිම සංයමයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, ගැටුම් නතර කිරීමට වහාම තීරණාත්මක පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි. විශේෂයෙන්ම, බරපතළ මානුෂීය සහ ආර්ථික බලපෑම් ඇති කළ හැකි පුළුල් කලාපීය යුද්ධයක් වළක්වා ගැනීම සඳහා ප්‍රකෝපකාරී ක්‍රියාවලින් වැළකී සිටීමේ අත්‍යවශ්‍යතාවය රජය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














