වසර 20-30ක් පැරණි වාහන භාවිතා කරමින් රාජ්‍ය සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යා නොහැකි බැවින්, අලුතින් වාහන 1700ක් ගෙන්වීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සමඟම ඔවුන්ගේ වැඩකටයුතු සඳහා අවශ්‍ය පහසුකම්ද සලසා දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.














