වත්මන් රජය ඩීසල් සහ පෙට්‍රල් සඳහා විශාල පිරිවැයක් දරමින් සහනදායී මිලකට ජනතාවට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළ අතර ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය. අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සම සභාපතිත්වයෙන් පැවැති මෙම කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ඉන්ධන සඳහා රජය පිරිවැය දැරීම හේතුවෙන් දැනට පවතින මිල මට්ටම් පවත්වාගෙන යාමට හැකි වී ඇති බවත් ලෝක වෙළෙඳපොළේ පවතින අභියෝග හමුවේ වුවද ජනතාවට උපරිම සහනයක් ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














