මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් සීමා වීම නිසා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයන් සඳහා විශේෂ සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සති දෙකකින් (දින 14කින්) දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මැදපෙරදිග ගමනාන්ත වෙත පියාසර කිරීමට නොහැකිව සහ ගුවන් ගමන් අවලංගු වීම නිසා කටුනායක ගුවන්තොටුපොළේ රැඳී සිටින විදේශිකයන්ට මෙමගින් විශාල සහනයක් සැලසෙනු ඇත.















