මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් කලාප වසා දැමීම නිසා ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකිව කොටු වී සිටින විදේශිකයන් සඳහා දින හතක විශේෂ වීසා දිගුවක් ලබාදීමට ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පියවර ගෙන තිබේ. අද (28) මධ්‍යම රාත්‍රියේ සිට මැදපෙරදිග ගුවන් කලාපය හරහා සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර එම වීසා කාලය දීර්ඝ කිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව ද රජය නිවේදනය කරයි. විදේශීය සංචාරකයින්ට සහ මගීන්ට තමන්ගේ පිටත්වීමේ කටයුතු සූදානම් වන තෙක් කිසිදු නීතිමය ගැටලුවකින් තොරව මෙරට රැඳී සිටීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.














