සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ කිහිපයක පුරප්පාඩු සම්පූර්ණ කරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 154 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම නව පත්වීම්ලාභීන් හෙට (10) දින සිය පත්වීම් ලිපි ලබා ගැනීමට නියමිතය.
අදාළ උපාධිය හදාරා සය මාසික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ විකිරණ ශිල්පීන් 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් 10 දෙනෙකුට මෙහිදී නව පත්වීම් හිමි වේ. මීට අමතරව, ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-2) සේවා ගණයේ කීට විද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද සීමිත පදනම මත සිය නව තනතුරුවලට අදාළ පත්වීම් ලිපි පිරිනමනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.














