සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන 05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 හෙට (මාර්තු 10) සිට ආරම්භ වීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වසර 10කට වරක් පවත්වනු ලබන මෙම සමීක්ෂණය මගින් මෙරට පාසල් දරුවන් සහ වැඩිහිටියන් ඇතුළු 10,000ක නියැදියක දත්ත රැස් කිරීමට අපේක්ෂිතය. නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ සෞඛ්‍ය නිලධාරීන් නිවෙස් සහ පාසල් වෙත පැමිණෙන අතර, ඉදිරි සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මෙම දත්ත අතිශය වැදගත් වන බැවින් ජනතාවගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.














