වසරේ පත්වීම් ලබන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව සකස් කරනු ලබන ඌණ පහසුකම් සේවා ස්ථාන, රෝහල් සහ සෞඛ්‍ය ආයතන සංශෝධිත ලැයිස්තුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. යුද සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ වෛද්‍යවරුන් සඳහා හඳුන්වා දුන් වසර දෙකක විශේෂ ස්ථාන මාරු සහන වැඩසටහන, වර්තමාන සංවර්ධන තත්ත්වයන්ට අනුකූලව වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ මෙලෙස සංශෝධනය කර ඇත.
රෝහල්වල යටිතල පහසුකම් ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් 2026 වසර වන විට මෙම ඌණ පහසුකම් ලැයිස්තුවට ඇතුළත් රෝහල් සංඛ්‍යාව 265 දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි. මෙම ලැයිස්තුවට ඇතුළත් රෝහලක වසර දෙකක සක්‍රීය සේවයක් සම්පූර්ණ කරන වෛද්‍යවරුන් සඳහා විශේෂ ස්ථාන මාරු ක්‍රමවේදයකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වේ. මෙම වාර්ෂික සංශෝධනය අදාළ වන්නේ එම වසරේ පත්වීම් ලබන නවක වෛද්‍ය කණ්ඩායම් සඳහා පමණක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.














