සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරමින් වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාළව පත්වීම්ලාභීන් 154 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම හෙට (10) සිදු කිරීමට නියමිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පෙරවරු 11.00 ට පැවැත්වේ.
මෙම පත්වීම්ලාභීන් අතර විකිරණ ශිල්පී උපාධිය සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරා මාස හයක පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ විකිරණ ශිල්පීන් 69 දෙනෙකු සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් 10 දෙනෙකු සිටිති. මීට අමතරව, සීමිත පදනම මත බඳවා ගන්නා ලද කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද එදින සිය නව තනතුරුවලට අදාළ පත්වීම් ලිපි පිරිනැමීමට කටයුතු යොදා ඇත.














