වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ හෙද හෙදියන් 43,553 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මෙය සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් 30%ක ප්‍රතිශතයක් වුවද, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රශස්ත සේවාවක් සැපයීම සඳහා තවත් විශාල හෙද හෙදියන් පිරිසකගේ අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අරලියගහ මන්දිරයේදී අද (14) පැවැති උත්සවයකදී නවක සිසු හෙද පුහුණුව සඳහා 2,918 දෙනෙකු බඳවා ගැනීම සිදුකෙරුණු අතර, මෙම පිරිස සේවයට එක්වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














