දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට දැනට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මස 25 වැනිදා දක්වා පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මොණරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමුකළ යුතු’ මට්ටමක පවතින බැවින්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස මහජනයාට දැනුම් දී ඇත.














