අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා ආසන පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව කල් දමා තිබේ. මෙම නීතිය ඊයේ (20) සිට ක්‍රියාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණද, පවතින තත්ත්වය සලකා බලා එය කල් දැමීමට තීරණය කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මේ සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. අධිවේගී මාර්ග පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නීතිය හඳුන්වා දීමට නියමිතව තිබුණ ද, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව නැවත දැනුම් දෙන තෙක් එය අත්හිටුවා ඇත.














