තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම, එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ නගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. විශේෂයෙන්ම වසර 20කට පසු ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම ගෝල 3-2කින් පරාජය කිරීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.
ධම්මික රණසිංහගේ නායකත්වයෙන් සහ රිෆාස් මොහොමඩ් මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල, මූලික වටයේදී උස්බෙකිස්ථානය ද ගෝල 3-1කින් පරාජය කළේය. ධම්මික රණසිංහ සහ කුසල් වීරප්පුලි මෙතෙක් තරගාවලියේ වැඩිම ගෝල ලාභීන් ලෙස ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) පැවැත්වෙන තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගයේදී ඉන්දුනීසියාව සමඟ තරග වැදීමට නියමිතය.














