මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් සඳහා පිරිනමනු ලබන නිල ත්‍යාග මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ත්‍යාග මුදල් වටිනාකම වාර්තාගත අගයකින් ඉහළ දමා තිබීම විශේෂත්වයක් වන අතර, ලෝක ශූරතාව දිනාගත් ඉන්දියාවට හිමිව ඇති මුදල ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට මෙවර අමෙරිකානු ඩොලර් 2,639,423 ක මුදලක් හිමිව ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 82කට අධික අතිවිශාල වටිනාකමකි. තරගාවලියේ අනුශූරතාව දිනාගත් නවසීලන්ත කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 1,422,692ක් හෙවත් රුපියල් කෝටි 44කට වැඩි මුදලක් හිමිව තිබේ. මේ අතර තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද අමෙරිකානු ඩොලර් 475,962 ක මුදලක් ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇති අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 14කට අධික වේ. සෑම කණ්ඩායමක්ම දැක්වූ දක්ෂතා සහ වාර්තා කළ ජයග්‍රහණ පදනම් කරගනිමින් මෙම මූල්‍ය ත්‍යාග වෙන් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.














