පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (ID කාර්යාලයේ) එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (2026 මාර්තු 27) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව අද (26) පස්වරුවේ නිවේදනය කළේය.
මෙම තීරණයට හේතු වී ඇත්තේ අද පස්වරු 01.30ට පමණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පරිගණක දත්ත පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමකි. මෙම සතිය තුළ තෙවැනි වරටත් මෙලෙස පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කරන තෙක් කිසිදු සේවාවක් ක්‍රියාත්මක නොවන බවත්, එබැවින් හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














