ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති රවී නිශ්ශංක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට විශ්වාසකටයුතු දේශපාලන ආරංචි මාර්ග අද (13) තොරතුරු වාර්තා කළේය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින මෙම ආයතනයේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සහ පරිපාලනමය වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
කෙසේ වෙතත්, රවී නිශ්ශංක මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, මෙම පුරප්පාඩු වන ධුරය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීමට අදාළ නිර්දේශ මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව සඳහන් වේ. මීට පෙර ද කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබූ පසුබිමක මෙම තනතුරු වෙනස් කිරීම් සිදුවීම විශේෂත්වයකි.













