2026 වසරේ අයවැය යෝජනාවට අනුව ඉහළ නැංවූ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට විශ්වවිද්‍යාල සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මේ බව නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම ගෙවීම් පිළිබඳ නවතම තොරතුරු මෙසේය. මෙතෙක් රුපියල් 7,500ක් ලෙස පැවති මහපොළ මාසික දීමනාව රුපියල් 10,000 දක්වා වැඩිකිරීමට රජය තීරණය කළ අතර, ඒ අනුව හෙට දින බැර කෙරෙන්නේ ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000ක මුදල බව අරමුදලේ සභාපති විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කළේය.
මෙම දීමනාව ඉහළ දැමීම හරහා වත්මන් ජීවන වියදම හමුවේ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා සඳහා යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සියලුම සුදුසුකම් ලත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගිණුම් වෙත මෙම මුදල් කඩිනමින් බැර කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබේ.
















