ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සහ තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ C-DAC ආයතනයේ නියෝජිතයන් සමඟ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන ‘eSanjeevani’ ටෙලිමෙඩිසින් පද්ධතියේ තාක්ෂණික අත්දැකීම් මෙරට සෞඛ්‍ය සේවාව නවීකරණය කිරීම සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳව මූලික අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය රජය ලබාදෙන සහයෝගය යටතේ, සෞඛ්‍ය දත්ත පද්ධති නවීකරණය කිරීම සහ ඉදිරි සහයෝගීතා ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අපේක්ෂිතය.














