සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නවක සිසු හෙද හෙදියන් 2,918 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. 2020, 2021 සහ 2022 යන වර්ෂවල උසස් පෙළ සමත් සිසුන්ගෙන් සමන්විත මෙම පිරිස, දිවයින පුරා පිහිටි හෙද විදුහල් 15ක වසර 3ක පුහුණුවක් ලැබීමට නියමිතය.
ඔවුන් ලබන අප්‍රේල් 06 වනදා පුහුණුව ආරම්භ කරන අතර, 2029 ජූනි මාසය වන විට මෙරට රාජ්‍ය සේවයට ස්ථිරවම එක් කිරීමට සැලසුම් කර ඇත. වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය සේවයේ හෙද හෙදියන් 43,553ක් සේවය කළද, එය ප්‍රමාණවත් නොවන බැවින් මෙම බඳවා ගැනීම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ව්‍යුහාත්මක පරිවර්තනයකට හේතු වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














