මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් එල්ල නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි. ගෝලීය වශයෙන් ආර්ථික අස්ථාවරත්වයක් ඇති වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට යම් බලපෑමක් එල්ල වීමේ හැකියාවක් පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, වත්මන් රජය විසින් ගොඩනගා ඇති ශක්තිමත් ආර්ථික පදනම හේතුවෙන් එවැනි ඕනෑම බලපෑමකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව මෙරට භාණ්ඩාගාරය සතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් ජාල අඩාල වීම පිළිබඳව ජාත්‍යන්තරව කතාබහට ලක්වන මොහොතක, දේශීය කර්මාන්තකරුවන් තුළ විශ්වාසය තහවුරු කිරීමට මෙම ප්‍රකාශය වැදගත් වේ.














