කලින් රටේ උද්ධමනය සියයට 70ක් වැනි ඉහළ මට්ටමක පැවතියද, වත්මන් රජය එය සාර්ථකව පාලනය කර බිංදුවට ආසන්න මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මට්ටමකින් ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගෙන ඇති අතර, ජනවාරි මාසය වන විට උද්ධමන මට්ටම සියයට 0.1ක් වැනි අගයක පවතින බව ඔහු පෙන්වා දුන්නේය.














