කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මඟින් මැන බලනු ලබන මෙරට සමස්ත උද්ධමන අනුපාතය 2026 වසරේ පෙබරවාරි මාසයේ වාර්තා වූ 1.6% සිට මාර්තු මාසය වන විට 2.2% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති 0.2% වැනි ඉතා අවම මට්ටමක සිට මාර්තු මාසය වන විට 0.7% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. එමෙන්ම ආහාර නොවන කාණ්ඩයට අදාළ උද්ධමනය ද පෙබරවාරි මාසයේ පැවති 2.3% ක අගයේ සිට මාර්තු මාසය වන විට 2.9% දක්වා ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ සිදු වූ ප්‍රවාහන හා අනෙකුත් සේවා ගාස්තු ඉහළ යාම මෙම ආහාර නොවන කාණ්ඩයේ මිල මට්ටම් ඉහළ යාමට ප්‍රධානතම හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














