විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පසුගිය 13 වැනිදා පවත්වා තිබේ. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිල එක්ස් (X) ගිණුම හරහා තහවුරු කර ඇත්තේ පවතින කලාපීය තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදු කරනු ලබන හමුදා මෙහෙයුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව අරග්චි මහතා මෙහිදී විජිත හේරත් මහතා දැනුවත් කර ඇත. මීට අමතරව, IRIS Dena නෞකාවේ සිටි නාවිකයන් මුදා ගැනීමට සහ මියගිය අයගේ දේහයන් නැවත ඉරානයට ලබා දීමට ශ්‍රී ලංකා රජය දැක්වූ සහයෝගය අගය කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කර තිබේ. මැදපෙරදිග අර්බුදය උත්සන්න වී ඇති පසුබිමක දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙහිදී අවධානය යොමු විය.














