ඉරාන මිසයිල මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකානු හමුදාවට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට අවසර ලබා දීමත් සමඟ, බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත අනතුරේ හෙළන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ඉරාන මිසයිල පද්ධති වෙත ප්‍රහාර එල්ල කිරීමට බ්‍රිතාන්‍යය ඊයේ (20) මෙලෙස අවසර ලබා දී තිබුණි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සිය ‘X’ ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරයක් ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ගෙන යන මෙම යුද්ධයට සම්බන්ධ වීමට අකමැති බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් (Keir Starmer) ජනතා කැමැත්ත නොසලකා හරිමින් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවත්, තමන්ට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ස්වයං ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට ඉරානයට අයිතියක් ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට සහ ජාත්‍යන්තර ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ලෝක අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය මෙම ගැටුමට සෘජුවම මැදිහත් වීම හරහා එරට ආරක්ෂක පද්ධති කෙරෙහි ද ඉරාන තර්ජන එල්ල වීමේ අවදානමක් පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














