අද ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව විත්තිකරුවෙක් වී ඇති අතර රටම සරණාගත කඳවුරක් වගේ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පුනර්ජනනීය බලශක්ති නියෝජිත පිරිසක් සමග ඊයේ (22) විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමක දීය.
ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව හෙතෙම පැවසීය.
අද රටම සරණාගත කදවුරක් බවට පත්කොට ඇති බවත් ඇලඩින්ගෙ පුදුම පහන තිබෙනවා යැයි කී ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙලිදරව් වන බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.
සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන අගමැති ප්‍රශ්න කරන බව කී ඔහු වසරක කාලයක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුව තබාගෙන රාජපක්ෂලාට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ අගමැතිවරයා මිස සමගි ජනබලවේගය නොවන බවද කීවේය.
මිනිස්සුන්ගේ දුක් වේදනා නොදන්නා හිරිවැටුණු ආණ්ඩුව පාර්ලිමේන්තුව පුස්සක් බවට පත්කර ඇතැයිද පැවසීය.