අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් බලගැන්වීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන වැඩසටහනක් යටතේ, ජපානයේ රැකියා අවස්ථා හිමිකර ගත් තරුණ තරුණියන් 32 දෙනෙකුට වීසා බලපත්‍ර නිකුත් කිරීම අද (13) සමෘද්ධි අමාත්‍යාංශයේදී සිදු විය.
මෙම පිරිස ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමට නියමිතය. සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ විදේශ විනිමය රටට ගලා ඒම දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.
සමෘද්ධි අමාත්‍යාංශය පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ද ඇතිව මෙම තරුණයින්ට අවශ්‍ය ජපන් භාෂා දැනුම සහ මූලික පුහුණුව ලබා දීමට කටයුතු කර තිබේ. රජයේ මැදිහත් වීම මත මෙලෙස විදේශ රැකියා අවස්ථා ලබා දීම හරහා අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථිකය ස්ථාවර කිරීමට අපේක්ෂිතය.














