ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) ජනාධිපති කාර්යාලයේ සංචාරයක නිරත වූහ. ‘Connaissance De Ceylan’ ආයතනයේ සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණි මෙම පිරිස ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහම, ආයුර්වේදය සහ සම්ප්‍රදායික සංස්කෘතිය පිළිබඳව විශේෂ අධ්‍යයනයක නිරත වීමට නියමිතය.
ජපානය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, මෙම නියෝජිත පිරිස අනුරාධපුරය, සීගිරිය, මහියංගනය සහ මහනුවර ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් නැරඹීමටද එක්වූහ. මෙරට සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි.














