තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රුපියල් කෝටි ගණනක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 632ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ඖෂධ තොගයක් ද ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටින සෙසු පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














