ගල් අඟුරු හිඟයක් හෝ වෙනත් පරිපාලනමය ගැටලුවක් මත නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ කිසිදු ජනන ඒකකයක් අක්‍රිය කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (09) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගල් අඟුරු වංචාවක් සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලි කප්පාදුවක් පිළිබඳව විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, බලාගාරයේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් ජාතික පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව බාධාවකින් තොරව ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.














