මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය ඇගයීම සඳහා පවත්වනු ලබන පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව සෑම වසර 10කට වරක්ම ජාතික මට්ටමින් මෙවැනි සමීක්ෂණයක් පැවැත්විය යුතු අතර විවිධ ජනගහන කණ්ඩායම්වල මුඛ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය 2026 මාර්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිදු කෙරෙන අතර පාසල් සිසුන් මෙන්ම වැඩිහිටි වයස් කාණ්ඩ ද මේ සඳහා ඇතුළත් කර ගනු ලබයි. මෙම සමීක්ෂණය මගින් ලැබෙන දත්ත අනාගත ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට සහ වැළැක්වීමේ වැඩසටහන් සැලසුම් කිරීමට මහත් පිටිවහලක් වනු ඇත. මහජනතාව දැනුවත් කිරීම සහ සහයෝගය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ මට්ටමින් මේ වන විටත් ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබේ.














