ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් සහ සංවේදී පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල වගුරුබිම ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ගම්පහ දිස්ත්‍රික් පරිසර අනුකමිටුව තීරණය කර තිබේ. මුතුරාජවෙල කලාපය තුළ සිදුවන අනවසර ඉඩම් ගොඩකිරීම්, පස් කැපීම් සහ විනාශකාරී පරිසර හානි වැළැක්වීම මෙහි මූලික අරමුණයි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි. ව්‍යාජ බලපත්‍ර ඉදිරිපත් කරමින් සිදුකරන පරිසර විනාශයන් වැළැක්වීමටත්, පවතින නීතිමය ප්‍රතිපාදන සහ ගැසට් නිවේදන තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙහිදී යෝජනා ඉදිරිපත් විය.
මෙම මෙහෙයුම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟතාව පළ කර ඇත. මුතුරාජවෙල සංවේදී කලාපය ආරක්ෂා කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ විශේෂ යෝජනාවලියක් ද මෙහිදී අවධානයට ලක් කෙරිණි.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, ස්ටෙපනි ප්‍රනාන්දු, දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් සහභාගී වූහ.














