2026 වසරේ ගෙවී ගිය මාස කිහිපය තුළ මෙරටින් මී උණ (Leptospirosis) රෝගීන් 1,800කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. පවතින කාලගුණික තත්ත්වය සහ වර්ෂාවත් සමඟ මෙම රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගොවිතැන් කටයුතුවල නියැලෙන පුද්ගලයින් සහ අපවිත්‍ර ජලය ආශ්‍රිතව ගැවසෙන පිරිස් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවට උපදෙස් ලබා දී ඇත.
මී උණ රෝගය මීයන්ගේ මූත්‍රාවලින් පිටවන බැක්ටීරියාවක් මගින් ව්‍යාප්ත වන අතර, ශරීරයේ පවතින තුවාල හරහා හෝ ඇස්, නාසය සහ මුඛය වැනි ශ්ලේෂ්මල පටල හරහා බැක්ටීරියාව ශරීරගත විය හැකිය. අධික උණ, මාංශ පේෂිවල වේදනාව, හිසරදය සහ වමනය වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි. රෝගය කල්තියා හඳුනා ගැනීමෙන් මරණීය අවදානම වළක්වා ගත හැකි බැවින්, අවදානම් කලාපවල සිටින පුද්ගලයින්ට අදාළ රෝග නිවාරණ පෙති (Doxycycline) ලබා ගැනීමට සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙස ද දන්වා සිටියි.














