පසුගිය බදාදා (මාර්තු 11) දිනට සාපේක්ෂව අද (12) දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ.
සෙලාන් බැංකුවේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 308.25ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 313ක් ලෙසත් නොවෙනස්ව පවතියි. එන්.ඩී.බී (NDB) බැංකුවේ ද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 308ක් සහ විකුණුම් මිල රුපියල් 314.50ක් ලෙස ඊයේ දිනට සමානව සටහන් වී ඇත.
මහජන බැංකුවේ වාර්තාවලට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.42 සිට රුපියල් 307.37 දක්වාත්, විකුණුම් මිල රුපියල් 314.20 සිට රුපියල් 314.15 දක්වාත් ඉතා සුළු අගයකින් පහත වැටී තිබේ. කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රුපියල් 305.85ක් සහ විකුණුම් මිල රුපියල් 314.25ක් ලෙස ස්ථාවරව පවතින අතර, සම්පත් බැංකුවේ ද ගැණුම් මිල රුපියල් 307.75ක් සහ විකුණුම් මිල රුපියල් 314.25ක් ලෙස නොවෙනස්ව පවතින බව නිවුස්වයර් (Newswire) වාර්තා කරයි.














