ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව රජය ගත් පියවර ජාත්‍යන්තරය අනුමත කරනු ඇති බවට විශ්වාසය පළ කරයි
මුහුදු සීමාවේ උද්ගත වූ තත්ත්වය හමුවේ මධ්‍යස්ථව සිටීමේ වැදගත්කම පෙන්වා දෙයි
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සිදුවූ නාවික අනතුර සහ ඉන් අනතුරුව උද්ගත වූ අර්බුදකාරී වාතාවරණය හමුවේ, කිසිදු පාර්ශ්වයක් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ නොකළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා අවධාරණය කරයි.
ජාත්‍යන්තර සාගර නීතිය සහ අනෙකුත් සම්මුතීන්ට අනුකූලව රජය මේ දක්වා ගෙන ඇති තීරණ සහ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුමට ලක්වනු ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. මෙවැනි සංවේදී ගෝලීය කරුණකදී රටේ ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර සබඳතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.














